Tuesday, April 26, 2016

තුර්කි - සිරියානු දේශ සීමාවට අයි එස් ත‍්‍රස්ත සංවිධානයෙන් රොකට් ප‍්‍රහාර.



තුර්කි හා සිරියානු දේශ සීමාවේදී එල්ල වූ රෝකට් ප‍්‍රහාර වලින් පුද්ගලයෙකු මිය ගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

අයි එස් ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නිවාස කිහිපයකට මෙන්ම මුස්ලිම් දේවස්ථානයකට ද ප‍්‍රහාරයෙන් හානි සිදුව තිබේ.

පසුගිය සති කිහිපයේ දි අයි එස් ත‍්‍රස්තවාදීන් විසින් තුර්කි සිරියානු දේශ සීමාව ආසන්නයට රොකට් ප‍්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.

එම ප‍්‍රදේශයේ සිටින සරණාගතයින් ප‍්‍රහාර හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


Google Plus Facebook Twitter Delicious