Wednesday, April 27, 2016

සිසිලියා කොතලාවල මහත්මිය අද යළි අධිකරණයට.


සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතාගේ බිරි`ද, සිසිලියා කොතලාවල මහත්මිය අද යළි අධිකරණයට ඉදිරිපත් කරයි.

ඒ අනුව ගොල්ඩන් කී මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගය අද සිදු කිරීමට නියමිතය.

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි සිසිලියා කොතලාවල මහත්මිය අභියාචනාධිකරණයේ නියෝගයක් අනුව මාර්තු මස 31 වැනිදා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඒ අනුව රුපියල් ලක්‍ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ දහය බැගින් වු ශරිර ඇප දෙකක් මත නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කරන ලදී. 

කෙසේ වෙතත් වැඩිදුර නඩු විභාගය අද දිනය දක්වා කල් තබනු ලැබීය.


Google Plus Facebook Twitter Delicious