Wednesday, April 27, 2016

අස්ගිරි මහවිහාර පාර්ශවයේ අනුනායක හිමි තෝරා පත් කර ගැනීම අද.


සියම් මහ නිකායේ අස්ගිරි මහවිහාර පාර්ශවයේ අනුනායක පදවිය ස`දහා සුදුසු ස්වාමීන් වහන්සේ නමක් තෝරා පත් කර ගැනීම අද සිදු කරයි. 

මහනුවර අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ දී පස්වරු 3 ට එය සිදු කිරීමට නියමිතය.

මේ ස`දහා අස්ගිරි මහවිහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභාව රැස්වනු ඇත.

අනුනායක පදවිය ස`දහා අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ සහ මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ ඉදිරිපත්ව සිටිති. 

ජ්‍යෙෂ්ඨ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරත්න ස්වාමීන් වහන්සේ මහනායක පදවියට පත් වීමෙන් අනතුරුව අස්ගිරි මහවිහාරීය අනුනායක පදවි දෙකෙන් එකක් පුරප්පාඩු විය.

ඒ අනුව පුරප්පාඩු වූ ජ්‍යෙෂ්ඨ අනුනායක පදවියට වෙ`ඩරුවේ උපාලි ස්වාමීන් වහන්සේ පත්ව සිටිති.

අනෙක් අනුනායක ධුරය ස`දහා සුදුසු ස්වාමීන් වහන්සේ නමක් පත් කර ගැනීම අද සිදු කිරීමට නියමිතව ඇත.


Google Plus Facebook Twitter Delicious