Tuesday, April 26, 2016

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙලට ජාත්‍යන්තරයේ ඉහළ සහයෝගය හිමිව ඇති බව ජනපති පවසයි.


ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙලට ජාත්‍යන්තරයේ ඉහළ සහයෝගය හිමිව ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. 

ලෝක බලවතුන් හත් දෙනාගේ සමුළුවට ඉතිහාසයේ පළමු වරට ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයාට ආරාධනා ලැබුණේ ශ‍්‍රී ලංකාව දියුණු කිරිමට ඔවුන්ගේ අත හිත දීම වෙනුවෙන් බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය. 

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබ`ද සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා එරට ප‍්‍රමුඛ පෙළේ ආයෝජකයින් පිරිසක් සම`ග ලබන මසදී ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව ද හෙතෙම පැවසිය. 

ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සහයෝගයන් පිළිබ`ද සොයා බැලීමට ඉරාන රජයෙන් ද කඩිනම් සංචාරයක් ස`දහා තමන්ට ආරාධනා ලැබී ඇති බව ජනාධිපතිවරයා කියා සිටි. 

රාජ්‍ය දේපළ සහ රාජ්‍ය වත්කම් අනිසි ලෙස භාවිතා කරමින් වංචා දුෂණ සිදු කිරිමට කිසිවෙකුට ඉඩක් ලබා නොදෙන අතර ඒ පිළිබ`ද පැමිණිලි ලැබුණහොත් තරා තිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන බව ද මෛත‍්‍රිපාල සිරිසේන අවධාරණය කළේය. 

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර සහ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.


Google Plus Facebook Twitter Delicious