Tuesday, April 26, 2016

සිය පුහුණුවීම් සැලසුම් කළ පරිදි අඛණ්ඩව සිදු කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පවසයි.


සිය පුහුණුවීම් සැලසුම් කළ පරිදි අඛණ්ඩව සිදු කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පවසයි.

පුහුණුවීම් අතරතුර තුවාල ලැබූ කෞෂාල් සිල්වාට කණ්ඩායමේ සියලූ ක‍්‍රීඩකයින් ඉක්මන් සුව ප‍්‍රාර්ථනා කරන බව එහි කළමනාකරු චරිත් සේනානායක මහතා ස`දහන් කළේය.

අනතුර හේතුවෙන් පුහුණුවිම් සැලසුම් වෙනස් නොකරන බව ද ඔහු පැවසීය.

එංගලන්ත සංචාරය වෙනුවෙන් ක‍්‍රීඩකයින් විසි දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ වනවිට නම් කර තිබේ.

ඔවුන් සහභාගි වන පුහුණු තරගයක් කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී අද ආරම්භ වීමට නියමිතයි.

මේ අතර කෞශාල් සිල්වාට එංගලන්ත සංචාරයට සහභාගි විය හැකි බවට බලාපොරොත්තු තැබිය හැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ස`දහන් කළේය.


Google Plus Facebook Twitter Delicious