Wednesday, April 27, 2016

ඉදිරි වසර කිහිපය තුළ රටේ සැබෑ වෙනසක් ඇති කළ හැකි බව රජය කියයි.


නිසි වැඩපිළිවෙලක් සහිතව වත්මන් රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව පියවරෙන් පියවර මෙරට ආර්ථිකය ශක්තිමත් කරමින් පවතින බව අමාත්‍යවරයා ස`දහන් කළේය.

අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වත්මන් රජයේ වසර පහක පාලන කාලය තුළ රටේ සැබෑ වෙනසක් ඇති කළ හැකි බව හෙතෙම පැවසීය.

තම රජයට භාර ගැනීමට සිදුවූයේ රාජපක්ෂ රජයෙන් විනාශ කළ, බරපතල ආර්ථික අර්බුදයට ලක් කළ රටක් බව අකිල විරාජ් කාරියවසම් මහතා ස`දහන් කළේය.


Google Plus Facebook Twitter Delicious