Wednesday, April 27, 2016

ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි කැනේඩියානු ජාතිකයෙකු අයි එස් සටන්කාමීන් විසින් ඝාතනය කරයි.


ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි කැනේඩියානු ජාතිකයෙකු ඉස්ලාමීය සටන්කාමීන් විසින් මරාදමා ඇතැයි වාර්තා වෙයි.

අබු සයාෆ් නම් සටන්කාමීන් විසින් ඝාතනය සිදු කර ඇති බව වාර්තා වෙයි.
ප‍්‍රාණ ඇපකරු පිලිපීනයේ දී මරා දමා තිබේ.

ඔහු වයස අවුරුදු 68 ක් වන කැනේඩියානු ජාතිකයෙකු බව ද සඳහන්ය.

සංචාරක නවාතැනක සිටිය දී ඉස්ලාමීය සටන්කාමීන් විසින් ඔහු පැහැර ගෙන තිබිණි.

ඔහු නිදහස් කිරීම සඳහා ඉල්ලා සිටි කප්පම් මුදල නිසි කාලය තුළ නොලැබීම හේතුවෙන් ඝාතනය සිදු කළ බව ඉස්ලාමීය සටන්කාමීන් ප‍්‍රකාශ කර තිබේ.


Google Plus Facebook Twitter Delicious