Tuesday, May 17, 2016

පීඩාවට පත් ජනතාවට ජනපති උපදෙසින් කඩිනමින් සහන.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අදාළ නිළධාරින්ට උපදෙස් දෙයි. 

ජනතාවට අවශ්‍ය ආහාර හා අනෙකුත් පහසුකම් ලබාදිම වෙනුවෙන් මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කරන ලෙසට ද අදාළ අංශ දැනුවත් කර තිබේ. 

අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සහ ඒ පිළිබ`ද සොයා බැලීම ස`දහා විශේෂ සාකච්ඡුාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 

සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් ආපදා කළමණාකරණ අමාත්‍යවරයා, ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ට සහ පොලිස්පතිවරයාට නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. 

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබ`ද ජනතාව දැනුවත් කිරිම ස`දහා විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් ක‍්‍රියාවට නංවන ලෙසත් ජනාධිපතිවරයා උදෙස් දී තිබේ. 


Google Plus Facebook Twitter Delicious