Thursday, May 19, 2016

අරණායක නායයාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා අදත් මෙහෙයුම්.


කෑගල්ල අරණායක සාමසර කන්ද නායයාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා අද දිනයේත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

යුද හමුදාව, පොලිසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඊයේ දිනට මෙහෙයුම් කටයුතු අත්හිටුවන විට මියගිය 17 දෙනෙකුගේ සිරුරු හමුව තිබිණි.

මෙහෙයුම් කටයුතු භාර යුද හමුදාවේ බස්නාහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ස`දහන් කළේ නායයාමෙන් පුද්ගලයින් 120 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවට වාර්තා වී ඇති බවයි.

නිවාස 66 ක් පමණ නායයාමෙන් විනාශ වී ඇත.

යුද හමුදාවේ මෙහෙයුම් කටයුතුවලට ද වරින් වර අයහපත් කාලගුණයේ බලපෑම් එල්ල වී තිබේ.

හමුදා සාමාජිකයින් 450 කට අධික පිරිසක් මෙහෙයුම්වලට එක්ව සිටිති.

නායයෑමේ බලපෑමට ලක් වූ ප‍්‍රදේශයේ පවුල් 300 කට අයත් පුද්ගලයින් 1047 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන 04 ක ර`දවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස`දහන් කළේය.


Google Plus Facebook Twitter Delicious