Thursday, May 19, 2016

රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සංවත්සරයට සමගාමී ප‍්‍රජා සත්කාරක සේවාවන් අද.


රංගිරි ශ‍්‍රී ලංකා ගුවන් විදුලියේ නව වැනි සංවත්සරය හා රංගිරි ශ‍්‍රී ලංකා රූපවාහිනියේ සිව්වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කරන ප‍්‍රජාසත්කාරක වැඩසටහන් අද පැවැත්වෙයි.

රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාල පරිශ‍්‍රයේ දී පෙරවරු නවයේ සිට පස්වරු 03 දක්වා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ලේ දන්දීමේ පිංකමක්, ආයුර්වේද වෛද්‍ය සායනයක් හා ඇස් කණ්නාඞ් බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වෙයි.

එයට අමතරව කිරි ගවයින්ට අභය දානය ලබා දීමේ පිංකමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයට සෙත් පතා සංවිධාන කරන විශේෂ ආශිර්වාද බෝධි පූජාව ද පස්වරුවේ රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සංවත්සරය වෙසක් පොහෝ දිනට පෙර දින යෙදී ඇත.

ඒ වෙනුවෙන් වාර්ෂිකව මෙම ප‍්‍රජාසත්කාරක සේවාවන් සංවිධාන කරනු ලබයි.

අධ්‍යක්‍ෂ ජනරාල්, සියම් මහ නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගලාභාධාන නායක ස්වාමීන් වහන්සේගේ හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය පූජ්‍ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කරයි.

මෙම ප‍්‍රජා සත්කාරක වැඩසටහන්වලට සහභාගී වී නොමිලයේ ලබා දෙන සේවාවන් ලබා ගන්නා ලෙස ප‍්‍රදේශවාසී ජනතාවට රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාලයේ අපි ඇරයුම් කරමු.


Google Plus Facebook Twitter Delicious