Monday, May 16, 2016

ජාතික කණිෂ්ඨ මළල ක‍්‍රීඩා උළලේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ගේ‍්‍රෂන් ධනංජය විශේෂ ශූරතා කුසලානය හිමිකර ගනියි.


ජාතික කණිෂ්ඨ මළල ක‍්‍රීඩා උළලේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ගේ‍්‍රෂන් ධනංජය විශේෂ ශූරතා කුසලානය හිමිකර ගනියි.

ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමය මෙහෙය වූ ක‍්‍රීඩා උළෙල වයස් සීමා හතරක් යටතේ දින හතරක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ඊයේ පස්වරුවේ එය නිමාවට පත් වූ අතර එහි දී නව තරග වාර්තා 16 ක් බිහි විය.

අවුරුදු විස්සෙන් පහළ බාලක තුම්පිම්ම ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කළ ගේ‍්‍රෂන් ධනංජය සමස්ත ක‍්‍රීඩා උළලේ අතිශූර ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

මේ අතර 16 න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස කෑගල්ල ශාන්ත ජෝශප් වාස් බාලිකාවේ පියුමිනී විජේසූරිය ද, 18 න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස වළල රත්නායක මහ විදුහලේ මහේෂි කුමාරසිංහ ද තේරීපත් වූහ.

20 න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව බවට පත්වූයේ වෙන්නප්පුව ශූද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ හෂිනි බාලසූරියයි.

23 න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස යුද හමුදාවේ විදූෂා ලක්ෂාණි සම්මාන ලැබීය.
මේ අතර 16 න් පහල වයස් කාණ්ඩයේ දක්ෂතම ක‍්‍රීඩකයා බවට පත්වූයේ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශාලික වීරසිංහයි.

18 න් පහළ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසලේ එස් පී ඒ දර්ශන තේරී පත්විය.

20 න් පහළ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ගේ‍්‍රෂන් ධනංජය ද 23 න් පහළ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ අමිල තුෂාර ද සම්මාන ලැබීය.


Google Plus Facebook Twitter Delicious