Tuesday, May 17, 2016

අයහපත් කාලගුණයෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා.


දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 14 ක ජනතාවට බරපතල හානි සිදුව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ස`දහන් කරයි. 

නායයාම්, ජල ගැලීම්, පස් ක`දු කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හා ජිවිත හානි රැසක් ද වාර්තා වී තිබේ. 

මේ අතර අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ජලාශ රැුසක වාන් මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ස`දහන් කළේය.

 පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ ස්ථාන රැුසකට ගස් කඩා වැටීම හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ ගමනා ගමනයට බාධා එල්ලවු අතර කලාවැවේ වාරි ජලය ද අඩි නවය බැගින් මුදා හල බව වාරි ඉංජිනේරු එච් එම් හේරත් මහතා ස`දහන් කළේය. 

තප්පරයට ඝන අඩි හැට දහස බැගින් කලාවැවේ ජලය මුදාහැරෙන අතර පහල කොටසේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙස හෙතෙම ඉල්ලා සිටි. 

මේ අතර අනුරාධපුර- තලාව හා තඹුත්තේගම අතර බෙල්ලන්කඩවල ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගය ජල පහරට හසුවී සෝදා පාලූවට ලක්වීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිට ඇති බව දුම්රිය පාලක මැදිරිය ස`දහන් කරයි. 

යාපනය හා මන්නාරම සිට කොළඹ කොටුව දක්වාත් - කොළඹ කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය කල රාත‍්‍රි  තැපැල් දුම්රිය තලාව හා තඹුත්තේගම දුම්රිය ස්ථාන අතර නතර කර ඇති බව ද පාලක මැදිරිය ස`දහන් කළේය. 

එම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරිමට කටයුතු කරන බව ද දුම්රිය පාලක මැදිරියේ ප‍්‍රකාශකයෙකු පැවසිය. 

මල්වතු ඔට පිටාර ගැලීමෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයට නුදුරෙන් පිහිටි මල්වතු ඔය පටුමග ප‍්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවී නිවාස දහයකට වැඩි සංඛ්‍යාවකට හානි සිදුවී ඇත.


කලාඔය පිටාර ගැලීමෙන් රාජාංගණය යාය නවය ප‍්‍රදේශයේ නිවාස 22 ක් ජල ගැල්මට හසුවී තිබේ. 

මේ අතර කුරණෑගල දිස්ත‍්‍රික්කයේ ඊයේ පැවති ආපදා තත්ත්වය තවදුරටත් පවතින බව අප වාර්තාකරු ස`දහන් කරයි. 

පුද්ලයින් හාරසියයකට අධික ප‍්‍රමාණයක් අවතැන්වී ඇති  අතර මාර්ග රැසක් මේ වනවිටත් වසා දමා ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේය. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කළේ අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවත්ව ගමන් කරමින් පවතින බවයි.

නමුත් සුළං තත්ත්වය තවදුරටත් දින කිහිපයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ස`දහන් කරයි. 


Google Plus Facebook Twitter Delicious