Monday, April 11, 2016

මන්ත්‍රීවරුන්ට නව ආචාර ධර්ම පද්ධතියක්.

විනය ගරුක ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම ස`දහා මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් නව ආචාර ධර්ම පද්ධතියක් යෝජනා කළ බව කථානායක කරූ ජයසූරි මහතා පවසයි.

ලොව අනෙකුත් රටලව උපදෙස් ලබා ගනිමින් සහ දැනට පවතින ආචාර ධර්ම පද්ධතිය සැලකිල්ලට ගනිමින් නව ආචාර ධර්ම පද්ධතිය සකස් කළ බව කථානායකවරයා ස`දහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කථානායක කරූ ජයසූරිය මහතා මේ බව ප‍්‍රකාශ කර ඇත.

මන්ත‍්‍රීවරුන්ගේ ඝෘජු වත්කම් සහ ඔවුන්ට අදාළ අනෙක් සියලූ මූල්‍ය සබ`දතා පාර්ලිමේන්තුවට හෙළිකළ යුතු බව නව ආචාර ධර්ම පද්ධතියේ ඇතුළත් ප‍්‍රධානතම අංගයක් වෙයි.

කිසියම් පාර්ශවකින් ලැබෙන ආධාර සහ ත්‍යාග ප‍්‍රදානයන් ද ඊට ඇතුළත් කළ යුතු බව කථා නායකවරයා ස`දහන් කර තිබේ.

යෝජිත ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්  ඕනෑම පුරවැසියෙකුට පැමිණිලි ඉදිරිපත් කිරීමට අයිතියක් පවතින බව කථානායකවරයා ස`දහන් කළේය.

එමෙන්ම එම චෝදනාවලට වරදකරු වන අදාළ මන්ත‍්‍රීවරයාට හෝ මන්ත‍්‍රීවරියට කිසියම් කාලයකට පාර්ලිමේන්තුව තහනම් කිරීම ඇතුළු දඩුවම් පැමිණ විය හැකි වන ලෙස එම ආචාර ධර්ම පද්ධතිය සකස් කර ඇති බව ද ස`දහන්ය.

මහජන නියෝජිතයෙකු වශයෙන් ගන්නා සියලූ තීරණ සහ තමන්ගේ සියලූ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහජනතාවට විවෘතව කරුණු දැක්විය යුතු බව ද අචාර ධර්ම පද්ධතිය තුළින් යෝජනා වී ඇත.


Google Plus Facebook Twitter Delicious